උම්මග්ග ජාතකය. එක් සමයෙක්හි ශාක්‍ය සිංහ වූ සමන්තභද්‍ර වූ අසම සම වූ ත්රෙෙලොක්ය තිලක වූ ත්‍රිභුවන වූඩා මාණික්‍ය වූ කරුණානි ධාන වූ මෛත්රීනිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක්සේ අචි න්තඃගුණ ඇති මහ පොළව සේ නිශ්චලගුණ ඇති මහමේරු වසේ උස්වූ ගුණ ඇති දැරඟමිණක් සේ නිර්මල වූ ගුණඇති 5 මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන්වහන්සේ, ක්ෂීරසා ගරයෙන් නැගි තරංග මාලාවසේ සුධාධවල ප්‍රාකාර වල යෙන් පරික්ෂිපත වූ, කනක රජතාදීන් හොබනා වූ විසිතුරු සැදුම්ලද මාලිගා ගෙවල් හා දොරටු ආදියෙන් යුක්තක්ත වූ, සල් සපු නා පනා අඹ දොඹ ආදී වූ ඵලපල්ලවයෙන් සජන 10 තරුවර සතයෙන් හොබනා විසිතුරු උද්යානයෙන්හා පස් පියුමෙන් සැදුම්ලද නිමලජල සම්පුර්ණ පුෂ්කරණ ශතයෙන් හොබනා වූ, නානාභරණ විභූෂිත නරනාරි ගණාකීර්ණ වූ සැවැත්නම් නුවර නිසා, නඳුන් වනයට අපහාසකරන්නාක් වැනි වූ සියලු සිරිසරින් සාර වූ චංක්‍රමණ පරිවේණාදි විහාර 15 ශතයෙන් හොබන්ධ වූ ජේතවන නම් උයන්හි, මෛත්රීකරු ණා මුදිතොපෙක්ෂා සංඛ්‍යාත සතර ආර්යය විහාරයෙන් දවස් යවන සේක්, තමන් වහන්සේගේ භවයෙන් සැඟවී තුබූ ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය වදාළ සේක. කෙසේ දැයි යතහොත් - එක්දවසක් හිරු හස්තපර්වතගත 20 වේලෙහි සීල සමාධි ප්‍රඥාදී ගුණාංග සංගත ප්‍රවර භික්ෂු සංඝයා වහන්සේ, තමතමන්වහන්සේ වසන රාත්‍රි ස්ථානයෙන් අවුත්, යුද්ධ භූමියකට රැස්වන්නා වූ සුවිනීත යෝධ මුලක්සේද, මැණික්සන්නාභසන්නඬ නානාලංකාරයෙන් සැදුම්ලද හඳැත්මුලක් සේ ද, ඒ කචර සිංහ සමූහයක් සේ ද, සඳවලා බඳු වූ 25 සුරක්ත වර පවුල් පෙරව, ගන්ධදාම පුෂ්පදාමා වලඹිත කනක රජත මණිතාරකයෙන් විචිත්රවිතානඇති,නානාප්රභා සමුදය සමුජ්වලිත අලංකෘත ධර්ම සභායෙහි, ශක්රාගමණය බලමින් |